Blog Archives

කලු ජනවාරිය 28 දා, කොළඹ දී..

BJ 2014 Web pach 02

Advertisements

‘කළු ජනවාරිය’ මෙවරත්….[2014]

BJ 2014 Web pach 01

BLACK January 2013

BJ Pach Tamil

BJ Pach Sinhala

BJ Pach English

කලු ජනවාරියේ නොනවතින ජනමාධ්‍ය මර්දනය 2006 – 2013

මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කලු ජූලිය ලෙස හැඳින්විය හැකි ජනවාරිය අවසන් වීගෙන යයි. එම බිහිසුණු සමය ආරම්භ වූ 2006 වර්ශයේ සිට ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ තොරතුරු නිදහස මුහුණ දුන් මර්ධනකාරී සිදුවීම් පෙළ කෙටියෙන් මෙසේ ය.

01. සිරස මාධ්‍ය ආයතනයේ හිමිකරු ඝාතනයට සැළැස්මක් ඇතැයි සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග විසින් හෙළිදරව් කිරීම (2006)

01. පාර්ලිමේන්තු මංත්‍රී ටී. මහේශ්වරන් වෙඩි තබා ඝාතනය කිරීම. ඔහු ඝාතනය කරනු ලැබූයේ යාපනයේ කැරෙන ඝාතන පිටුපස සිටින රජයේ සහ අර්ධ මිලිටරි සංවිධාන නුදුරු දිනෙක පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කරන බවට ප්‍රකාශ කොට පැය කිහිපයක් ගත වීමෙන් පසු ය. ^2008&

01. සිරස රැපවාහිනී ජාලයේ ශක්ති නාලිකාවේ යාපනය විකාශණ තරංග රජයේ අයිටීඑන් නාලිකාව විසින් අත්පත් කර ගැනීම (2010)

02. සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ ගිනි බෝම්බ ප්‍රහාරය (2009)

02. වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ පසුගිය සභාපතිවරයාට ජීවිත ආරක්ෂාව පතා යුරෝපා රටකට පලා ඒමට සිදුවීම (2013)

03. යුද්ධයට ඇති ලොකුම බාධාව අතලොස්සක් වන ද්‍රෝහී ජනමාධ්‍යකරුවන්යැයි එවකට හමුදාපති සරත් ෆොන්සේකා විසින් ප්‍රකාශ කිරීම ^2008&

04. යාපනයේ විද්යුත් ජනමාධ්‍ය වේදියකු වන ඒ. ඩැනියෙල් අත් අඩංගුවට ගත් පොලීසිය එහුගෙන් පැය 3ක් ප්‍රශ්න කළේ ය. ඊට හේතුව වූයේ යාපන ආණඩුකාරයා විසින් යාපනයට පැමිණි බ්‍රිතාන්‍ය මංත්‍රීවරයකුට පනවන ලද වාරණයක් සම්බන්ධයෙන් ඔහු පළ කර තිබූ පුවතකි. (2012)

05. වීරකේසරී පුවත්පතෙහි ජායරුප ශිල්පි ජෝ ජෙයකුමාර් පුවත් පතෙහි පළ වූ ජායාරූප සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් ප්‍රශ්ණ කරනු ලැබීම (2006)

05. යාපනයේ යාල් තිනක්කූරල් පුවත්පත් කාර්යාලය යුද හමුදාව විසින් වටලා සෝදිසි කිරීම (2006)

05. හිටපු ජනමාධ්‍යවේදියකු වූ ලලිත් සෙනවිරත්න සහ ‛අකුණ’ නම් වෘත්තීය සමිති වාර ප්‍රකාශණයේ මාධ්‍යවේදීන් වූ සිසිර ප්‍රියංකර සහ නිහාල් සේරසිංහ පැහැර ගෙන යාම.
එල්ටීටීඊයට සම්බන්ධ යැයි ප්‍රකාශ කොට දරුණු වධ හිංසාවන්ට ලක් කරන ලද ඔවුන්ට එරෙහිව මේ තාක් කිසිදු චෝදනා ගොනු කිරීමක් කර නැත ^2008&

06. යාපනයේ උදයන් පුවත් පත වසා දමන ලෙසට කරන ලද ආයුධ ගත් දේශපාලන පක්ෂයක් විසින් කළ තර්ජනය. අනතුරුව එම පුවත්පතට එරෙහිව දරුණූ මර්ධනයක් දියත් විය ^2008&

06. සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ ආරක්ෂක හමුදා පන්නයේ සන්නද්ධ ප්‍රහාරය. මෙම ප්‍රහාරය ඇතුළේ වැඩක් යැයි ආරක්ෂ ලේකම්වරයා විසින් පරීක්ෂණ ආරම්භවීමටත් පෙරම ප්‍රකාශ කළ අතර ප්‍රහාරයට සම්බන්ධයැයි අත්අඩංගුවට ගත් එජාප ප්‍රදේශීය නායකයකු පසුව නිදහස් කරන ලදී (2009)

07. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් ශක්ති රෑපවාහිනී අධ්‍යෂකවරයකු වූ ජනමාධ්‍යවේදී ශ්‍රී රංගා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදියකු යැයි වාචික ප්‍රහාරයක් එල්ල කිරීම. අනතුරුව ශ්‍රී රංගාට දිගින් දිගටම මරණ තර්ජන එල්ල විය ^2008&

07. ජනමාධ්‍යවේදියකු සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් වූ පෝද්දල ජයන්ත මහතාගේ නිවෙසට මහ රැයෙහි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් පිරිසක් පැමිණීම. මෙම පොලිස් කණ්ඩායම පැමිණ තිබුණේ කිසිදු නිල ක්‍රමයක් අනුගමනය නොකර ය ^2008&

07. රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් දිගින් දිගටම අධිකරණයට සහ අගවිනිසුරැවරියට එරෙහිව කරගෙන යන අපහාසාත්මක ප්‍රචාරයන් පිළිබදව අධිකරණ සේවා කොමිසම සිය කනස්සල්ල පළ කලේ ය. එසේ නමුත් අපහාස ව්‍යාපාරය නොනැවතුනි. (2013)

08. යතුරැ පැදි හතරකින් පසුපස එළවා පැමිණි නාදුනන තුවක්කුකාර කණ්ඩායම සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලදී (2009)

08. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙරට ඉංග්‍රීසි පුවත්පත් ගැරහීමට ලක් කරමින් ඒවා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවිය යුතු යැයි කියා සිටියේ ය. ඔහු කියා සිටියේ එම පුවත් පත් තමාගේ කතා විකෘති කරන බවයි. (2013)

09. එස්.බී. දිසානායකගේ නායකත්වය යටතේ නුගේගොඩ දී පැවැත්වීමට නියමිත වූ එක්සත් ජනතා සංධානයේ මංගල රැලිය අමාත්‍ය මර්වින් සිල්වා විසින් නායකත්වය දුන් පිරිසක් විසින් කඩාකල්ලපල් කිරීම සහ එය වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදී ඥාණසිරි කොත්තිගොඩ සහ අජිත් සෙනවිරත්නට පහර දෙන ලදී (2007)

10. ශ්‍රී ලංකාණ්ඩුව වෙබ් අඩවි ලියා පදිංචිය ආරම්භ කලේ ය. ප්‍රථම වරට ලැබුණූ ඉල්ලුම් පත්‍ර 81කින් අනුමත කරන ලද්දේ 21ක් පමණක් බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගනේගල මහතා පැවසීය. (2012)

10. නීතිවේදී එකමුතුව විසින් අලුත් කඩේ අධිකරන සංකීර්නය අසළ සිට ආරම්භ කළ සාමකාමී පා ගමනට ආණ්ඩුවේ මැරපිරිස් විසින් පහර දුන් අතර පොලීසිය මැරවරයින්ගේ ආරක්ෂාව සහතික කළේය. (2013)

10. යාපනයේ ජනප්‍රියම දෙමළ පුවත්පත වන උදයන් පුවත් පත බෙදා හරිමින් සිටි සේවකයකුට පහර දුන් යතුරැපැදි කණ්ඩායමක් ඔහුගේ යතුරැ පැදිය සහ බෙදා හැරීමට ගෙන යමින් සිටි පුවත්පත් තොගය ද ගිනි තැබුවේ ය. (2013)

10. අධිකරණයට විරැද්ධව පෙළපාලියක් මෙහෙය වූ ඇමැති රිෂාර්ද් බදුර්දීන් විවේචනය කරන වාර්තා පළ කළ මන්නාරමේ ජනමාධ්‍ය වාර්තාකරුවන් තිදෙනෙකුට මරණ තර්ජන සහිත ලිපි එවා තිබුණි. එ.ටී.මාර්ක්, එස්.ආර්. ලැම්බර්ට් සහ එන්.ජේ. බෙලෙස්තුස් එම ජනමාධ්‍ය වේදීන් තිදෙනාය. (2013)

11. අම්පාර දිසාවෙහි ජේෂ්ඨතම ජනමාධ්‍ය වේදියකු වන පී.එම්.එම්.ඒ. කාඩර් මහතාට පාලක පක්ෂයේ දේශපාලනඥයකු විසින් දරැණු ලෙස පහර දෙනු ලදුව රෝහල් ගත කිරීමට සිදු විය. මෙම ප්‍රහාරය එල්ල වූයේ සරණාගත පිරිස් පිළිබදව තොරතුරැ රැස් කිරීමට ගොස් සිටි අවස්ථාවකදී ය. (2011)

12. ජනාධිපති රාජපක්ෂ දුරකථනයෙන් කතා කොට සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට දරුණු ලෙස බැණ වැදීම. ඉන් තෙවසරකට දින හතරක් තිබිය දී පසු ලසන්ත ඝාතනය කෙරුණි (2006)

12. ජනප්‍රිය සහ විපාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා නිවිස් වෙබ් අඩවියට දිගින් දිගටම හැකර ප්‍රහායන් එල්ල වෙමින් පවතින බව එම වෙබ් අඩවිය වාර්තා කලේ ය. එම අඩවිය ශ්‍රී ලංකාන්ඩුව විසින් තහනම් කොට ඇති එකකි. (2012)

13. සන්ඩේ ලීඩර් පුවත්පත් කාර්යාලය පොලීසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කිරීම ^2010&

14. ජනමාධ්‍ය සංවිධානයන්හි ඉල්ලීම නොසළකා ආණ්ඩුව විසින් පිහිටුවන ලද පුවත්පත් කොමිසම වාඩ අරඹන ලද අතර ජනමාධ්‍ය සංවිධාන 08ක් ඊට විරුද්ධත්වය පල කරමින් නිවේදනයක් නිකුත් කරන ලදී. (2011)

15. අතුරැදහන් කරන ලද ජනමාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැළිගොඩ විදෙස් රටක වාසය කරන බවය අතේ පැලවෙන මුසාවක් එක්සත් ජාතින්ගේ සංවිධානයට කියූ සහ නීතිපති වශයෙන් ජනමාධ්‍ය වේදීන් ඝාතනය කිරීම සම්බන්ධ කිසිදු පරික්ෂනයක් අවසන් නොකළ මොහාන් පීරිස් අගවිනිසුරැ ධුරයට පත් වීම (2013)

15. අගවිනිසුරැවරිය වූ ශිරානි බණ්ඩාරනායක නිල නිවෙසින් පිටවී යෑම වාර්තා කිරීමට ගිය බොහෝ වූ ජායාරැප ශිල්පීනට පොලීසිය තහංචි පැන වූ අතර එම ජනමාධ්‍ය වේදීන්ට සිය අදහස් දැක්වීමට ඇය දැරෑ ප්‍රයත්නයට පොලීසිය ඉඩ දුන්නේ නැත. (2013)

15. යාපනය නගරයේ විරෝධතා බැනරයක් අත්සන් කිරීමේ යෙදී සිටි සම අයිතිය ව්‍යාපාරයේ සාමාජිකයන්ටත් ජනමාධ්‍යවේදීන් ඇතුළු රැස්ව සිටි පුරවැසියන්ටත් යුද හමුදා ඇඳුම් හා සමාන ඇදුම් හැද සිටි පිරිසක් පැමිණ කළුතෙල් ප‍්‍රහාරයක් එල්ල කරන ලදී. එදින සම අයිතිය ව්‍යාපාරයේ නියෝජිතවන් යාපනය බලා ගිය වාහනයේ විදුරු කුඩුපට්ටම් කල පිරිසද ආරක්ෂක රැකවල් මැදින් පලා ගියේ ය. (2013)

15. ශ්‍රී ලංකාවෙහි පවත්වා ගැනෙන පුවත් වෙබ් අඩවි සියල්ල ජනවාර් 15 දිනට පෙර ගාස්තු වශයෙන් රු.35,000ක් ගෙවියයුතු බවට ජනමාදය අමාත්‍යාංශය නිවේදනය කලේ ය. (2013)

16. රාජ්‍ය පාලිත සිළුමින නම් පුවත්පතෙහි කතුවරයා විපාක්ෂික අදහස් පතුරවන වෙබ් අඩවි තහනම් කරන ලෙස ඉල්ලා සිටි බව වාර්තා විය. (2011)

16. මව්බිම පුවත්පතෙහි කතරගම වාර්තාකරුවන චන්දිම අල්විස් මහතාට රජයේ දේහපාලනඥයකු වන අත්තනායක නම් ප්‍රා. සභා මංත්‍රීවරයකු විසින් ඔහු කරන ලද වාර්තාකරනයක් හේතු කොට පහර දෙන ලදී. (2012)

17. යාපනයේ තිනක්කූරල් පුවත්පත්ට අයත් තිනකුකූරල් නවාතැනට නාදුනන පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් බරපතල හානි සිදුවිය. මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ උතුරෙහි සිදුවන අතුරැදහන්වීම්වලට එරෙහිව පැවැත්වීමට තිබූ පුවත්පත් සාකච්ජාවක් නතර කිරීමට බව වාර්තා විය. (2012)

18. ආදායම් බදු දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන් මව්බිම සහ ද සන්ඩේ ස්ටෑන්ඩර්ඩ් පුවතපත් කාර්‍යාලයට ද එම පුවත්පත් හිමිකරුගේ වෙනත් ව්‍යාපාර දෙකකට ද හදිසියේ පැමිණ ප්‍රශ්න කිරීම සහ පුවත්පත් සඳහා වෙළද දැන්වීම් සපයන ආයතන ලැයිස්තුව රුගෙන යාම. පසුව දිගින් දිගටම එල්ල වූ මර්දනය හමූයේ පුවත්පත් දෙකම වසා දැමීමට සිදු විය (2007)

18. අගවිනිසුරැවරියට එරෙහිව ගෙන ආ අනිසි දෝශාභියෝගයට එරෙහිව පැනු නැගුනු පුළුල් විරෝධතාවයේ නායක වැඩ කොටසක් ඉටු කළ ජේෂ්ඨ නිතිවේදීන් හතර දෙනෙකුට මරණ තර්ජන සහිත ලිපි එවා තිබුණි. (2013)

22. ප්‍රකාශ් ශක්ති පිල්ලෙයි නම් එල්ටීටීඊයට සම්බන්ධ ජනමාධ්‍යවේදියකු ගුවන් තොටුපළෙහි දී අත් අඩංගුවට ගැනීම. එල්ටීටීඊ කාර්‍යධරයකු වන ඔහුට ව්‍යාජ මාධ්‍ය හැදුනුම් පතක් ලබා දී තිබුණේ මා විසින්යැයි ජනාධිපතිවරයා පුවත්පත් හිමිකරු රුස්වීමක දී කීවේ ය. ත්‍රස්ත විමර්ෂන අංශයේ රඳවාගෙන ඔහු පිළිබඳ කළ සොයා බැලීම් වලින් එල්ටීටීඊ ය සමඟ ඔහුට සබඳතා ඇතැයි සොයා ගැනුනේ නැත. ඔහු අත් අඩංගුවට ගෙන තිබුණේ ඔහුම සකසා ගත් ව්‍යාජ ජනමාධ්‍ය හැඳුනුම් පතක් තිබූ නිසා ය. ඔහුට සිදු වූයේ කුමක්දැයි කිසිවකු දන්නේ නැත (2009)

24. ත්‍රි‛මලයේ මාධ්‍යවේදී සුගීර්ධරාජන් වෙඩි තබා ඝාතනය කිරීම (2007)

24. රිවිර පුවත්පතෙහි කර්තෘ උපාලි තෙන්නකෝන් ඝාතනය කිරීමේ අරමුණින් එල්ල වූ සන්නද්ධ ප්‍රහාරය. සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකළ බව ජනමාධ්‍යට ප්‍රකාශ කළ ඔහු පසුව රට හැර ගියේ ය (2009)

24. ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම. ඔහු ස්ව කැමැත්තෙන් සැඟව සිටින්නේ යැයි රාජ්‍ය ගැති ප්‍රචාරකයින් දැවැන්ත ව්‍යාපාරයක් දියත් කළේ ඔහුගේ අතුරුදහන්වීම පිළිබඳ පරීක්ෂණ නොමඟ යැවීමට හෝ නතර කිරීමට ය (2010)

25. ජනමාධ්‍ය වාරණයක් අත්‍යවශ්‍ය බවත් යුද හමුදාවන් ගැන ලිවීම කිසිසේත්ම අවශ්‍ය නොවන බවත් ආරක්ෂ ලේකම් රාජපක්ෂ පුවත්පතකට ප්‍රකාශ කිරීම. ඉන් අනතුරුව යුද මෙහෙයුම් සම්බන්ධයෙන් විවේචනාත්මක වාර්තා සැපයූ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට දරුණූ මරණිය ප්‍රහාරයන් එල්ල විය (2008)

25. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිශ්පාදකකවරයකු වූ ජනමාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ රාත්‍රි සිය නිවස බලායන අතරතුර ඔහුට දී තියුණු ආයුධයකින් පහර දීම, . මෙම ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු අත දරුණූ ලෙස කැපී ගිය අතර ශල්‍ය කර්මයකට ද භාජනය කරන ලදී. මෙම සිදුවීම අමාත්‍ය මර්වින් ද සිල්වා 2007 දෙසැම්බර් 27 දින රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම ඊට එරෙහිව එහි ජනමාධ්‍ය ප්‍රජාව දැක්වූ විරුද්ධත්වයට කරන ලද පළිගැනීමක් වශයෙන් සළකනු ලැබේ (2008)

26. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස සඳහා කටුයතු කරන ජනමාධය සංවිධාන සහ ජනමාධ්‍යවේදීන් එල්ටීටීඊ සංවිධානයේ අරමුදලින් යැපෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කලේ ය. (2012)

28. තිනකරන් දිනපතා පුවත් පතෙහි සහාය කර්තෘ සුහීබ් එම්. කසීම්ට එල්ල වූ කිණිසි ප්‍රහාරය. මෙම ප්‍රහාරයට පෙර ලේක්හවුස් සභාපති විසින් සුහීබ් දැරූ තනතුරෙන් මාරුකර යවා තිබූ අතර ප්‍රහාරය ඊට සම්බන්ධ යැයි සැළකේ (2008)

28. ලංකා පුවත්පතෙහි කර්තෘ චන්දන සිරමල්වත්ත අත් අඩංගුවට ගන්නා ලදී. කිසිදු චෝදනාවක් නැතිව පෙබරවාරි 16දා ඔහු නිදහස් කරන ලදී (2010)

28. නිදහස නිව්ස් නම් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් වෙබ් අඩවිය වාරණය කිරීම (2010)

28. රැපවාහිනී සංස්ථාවේ වැඩසටහන් නිශ්පාදක රවි අබේවික්‍රමට එහි සභාපතිවරයා විසින් පහර දීම. ඉට හේතුව වූයේ සමබර මැතිවරණ වාර්තාකරණයක් ගෙන යන ලෙස මාධ්‍ය පිරිස් කරන ලද උද්ඝෝෂණය යි (2010)

29. ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාවේ මාධ්‍ය සේවක දුලීප් දුෂ්‍යන්ත ඝාතනය කිරීමේ අරමුණින් පිස්තෝලකරුවන් දෙදෙනෙකු රාත්‍රියෙහි ඔහුගේ නිවසට කඩා වැදීම. මෙම සිදුවීම අමාත්‍ය මර්වින් ද සිල්වා 2007 දෙසැම්බර් 27 දින රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම ඊට එරෙහිව එහි ජනමාධ්‍ය ප්‍රජාව දැක්වූ විරුද්ධත්වයට කරන ලද පළිගැනීමක් වශයෙන් සළකනු ලැබේ (2008)

29. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන්නේ යැයි සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කිරීම. නමුත් පසුව එම තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කරන ලදී (2010)

29. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්‍යාලය මැරවර පිරිස් විසින් වැටලීම (2010)

29. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ජවිපෙට සම්බන්ධ ලංකා පුවත් පත් කාර්‍යාලයට මුද්‍රා තැබීම” පසුව කිසිදු චෝදනාවක් නැතිව එම මුද්‍රා ඉවත් කරන ලදී ( 2010)

31. ජනප්‍රිය ත්‍රෙ භාෂා වෙබ් අඩවියක් වන ලංකා ඊ නිව්ස් හි කාර්‍යාලයට නාදුනන මැරවරයින් විසින් ගිනි තබන ලදී. ගින්නෙන් කාර්‍යාලයේ පරිගණක සමඟ මිල කළ නොහැකි පුස්තකාලය සහමුලින්ම දැවී ගියේ ය. (2011)

මතු සම්බන්දයි

සුනන්ද දේශප්‍රිය විසිනි
@”Yukthiya Paththaraya

BJ Pach OK 590

BLACK January 2013 | කලු ජනවාරිය 2013

BJ Pach OK 590

ආණ්ඩුව සලිත කළ කළු ජනවාරිය


කළු ජනවාරිය මේ දිනවල ආණ්ඩුව සලිතකළ සිදුවීම විය. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන එකතුව විසින් කළු ජනවාරිය නමින් සංකේතාත්මකව සමරන්නට යෙදුණේ ජනමාධ්‍යයට එරෙහිව සිදුවූ සිදුවීම්ය. ජනවාරිය ඊට විශේෂ වූයේ ජනමාධ්‍ය මර්දනය සඳහා සිදුකරන ලද බරපතළ සිද්ධීන් ගණනාවක් එම මාසය තුළ පසුගිය වසර කිහිපයේදී සිදුවී තිබීමය. මේ සැමරීම මගින් කියන්නට උත්සාහ කළේ ජනමාධ්‍ය මර්දනය සඳහා සිදුකළ මාධ්‍ය ආයතන ගිනි තැබීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, මාධ්‍යවේදීන්ට පහරදීම් හා මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම් ආදී සියලූම ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් නිසි පරීක්ෂණයක් සිදුකර නැති බවය. මෙම තත්ත්වය රටේ පොදු ජනයාට නැවත අවධාරණය කිරීමත්, ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් සංදේශයක් බාරදීමත් එහි අරමුණ විය.

නමුත් කළු ජනවාරිය නිසා සලිත වූ ආණ්ඩුව සිදුකළේ සිය මුළු වෙර යොදා කළු ජනවාරිය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කිරීමය. ඒ සඳහා මුලින්ම යොදාගත්තේ ආණ්ඩුවේ ජනමාධ්‍යය, අයිටීඑන් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයත්, විමසුම වැඩසටහත්, දිනමිණ හා ඬේලිනිව්ස් පුවත්පත් සිය වෛරී හා අසත්‍ය මඩ ප‍්‍රචාරයත් කළු ජනවාරිය ට එරෙහිව ප‍්‍රචාරය කළේය. ඒවායින් අවධාරණය කැරුණේ කළු ජනවාරිය යනු රටට එරෙහි කුමන්ත‍්‍රණයක් බවය. උද්ඝෝෂණයක් මගින් ආරක්ෂක අංශ ප‍්‍රහාරයකට පෙළඹවීමට උත්සාහ ගන්නා බවය. මෙම උද්ඝෝෂණ සඳහා මුදල්දී මිනිසුන් රැගෙන එන බවය. මේ සියල්ල සඳහා පිටරටින් ඩොලර් ලැබෙන බවය. මේ වෛරී හා අසත්‍ය මඩ ප‍්‍රචාරයන් සඳහා තවදුරටත් ලූණු ඇඹුල් එකතුකරමින් ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ද විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් මගින් ජනවාරි 23 වැනිදා ඔහු යටතේ ඇති ජනමාධ්‍ය ආයතන සිදුකරන ආචාරධර්මික නොවන වෛරී හා අසත්‍ය මඩ ප‍්‍රචාර සාධාරණීකරණය කර තිබුණි.

අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදෙන වෙබ් මාධ්‍යවලට ආචාරධර්ම හඳුන්වාදිය යුතුයැ යි කියමින්, නීත්‍යනුකූල නොවන ආකාරයට එම මාධ්‍ය අවහිර කරමින්, තහනම් කරමින් සිටින ආණ්ඩුව හා එහි ජනමාධ්‍ය ඇමතිවරයා ආණ්ඩුවේ මාධ්‍යවල මේ හැසිරීම සඳහා කියන්නේ කුමක්දැ යි පැහැදිලි කළ යුතුය. අනුන්ට ආචාර්ධර්ම උගන්වනවාට වඩා ආණ්ඩුවත්, ජනමාධ්‍ය ඇමතිවරයාත් මුලින්ම සිදුකළ යුත්තේ රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ආචාරධර්ම හඳුන්වාදීමය. ඒ අනුව කටයුතු කිරීමට උගැන්වීමය. ඒවා කඩකරන මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට එරෙහිව කටයුතු කිරීමය. ආදර්ශය ඉහළින්ම ආවිට ආණ්ඩුවේ ප‍්‍රවේශය සද්භාවයෙන්යැ යි අපට උපකල්පනය කළ හැකිය. තමන් ඇදේට ඇවිදිමින් අනිත් අයට කෙළින් ඇවිදින්නයැ යි කීමේ පලක් නැත. වෙබ් වාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතයට උඩගෙඩි දෙන ආණ්ඩුව වෙනුවෙන් නොමිලේ කඬේ යමින් තප්පුලන මාධ්‍ය ඔස්තාර්ලාද මේ සත්‍යය තේරුම් ගත යුතුය.

කළු ජනවාරියට එරෙහි ප‍්‍රචාරයන් සඳහා ආණ්ඩුවේ මාධ්‍ය පුවත්පත් කතුවරුන්ද, මාධ්‍යවේදීන්ද, කොලම් රචකයන්ද යොදාගෙන තිබුණි. ඔවුන් ඒ පිළිබඳව පළකර තිබූ අදහස් ගැන සාකච්ඡාව පසුවට තැබූ විට ආණ්ඩුව කළු ජනවාරිය කඩාකප්පල් කිරීම සඳහා ඊළඟට යොදාගත්තේ පොලීසියය. ජනවාරි 24 වැනිදා කොටුව පොලීසිය කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප‍්‍රකාශ කළේ කළු ජනවාරිය නම් විරෝධතා ව්‍යාපාරයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ජනවාරි 25 වැනිදා පැවැත්වීමට නියමිත බවත්, එමගින් මහජන කටයුතුවලට බාධා වුවහොත් පොලීසිය අවශ්‍ය පියවර ගන්නා බවත්ය. එහි වැඩිදුර වාර්තාවක් ජනවාරි 25 වැනිදා මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය පැවසුවේ නිදහසේ වේදිකාව නම්වූ සංවිධානයත් මේ උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන්නට යන බවත්, ඔවුන් පෙළපාළියකින් ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ අරලිගහ මන්දිරයට යෑමට සූදානම් බවත්, එම කටයුතු වැළැක්වීමට නියෝගයක් ලබාදෙන ලෙසත්ය. ඒ අනුව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය වූයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ග අවහිර වන සේ උද්ඝෝෂණය කිරීමත්, මාර්ග අවහිර කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට හෝ අරලියගහ මන්දිරය දෙසට ගමන් කිරීමත් තහනම් බවය. එය කඩකළහොත් ඊට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව පොලීසියට ලබාදෙන බවය. නියෝගය නිකුත් වූයේ බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, සුනිල් ජයසේකර හා ධර්මසිරි ලංකාපේලි යන අයට එරෙහිවය. ඇත්ත වශයෙන්ම නිදහසේ වේදිකා සංවිධානයේ හෝ එහි ක‍්‍රියාකාරී බි‍්‍රටෝ ප‍්‍රනාන්දුගේ සම්බන්ධයක් කළු ජනවාරිය සංවිධානය කිරීම සඳහා තිබුණේ නැත. කළු ජනවාරිය සංවිධානය කරනු ලැබූයේ මාධ්‍ය සංවිධාන හතක් එකතුවීය. ආණ්ඩුව ඒ බව නොදන්නවා නොවේය. එහෙත් ආණ්ඩුව උපක‍්‍රමිකව සිදුකළේ ජනමාධ්‍ය විරෝධතාවක් නැවැත්වීම සඳහා ඔවුන් අධිකරණයෙන් නියෝගයක් ලබාගත්තේ යන අපවාදයෙන් ගැලවීම සඳහා ඊට වෙනත් පිරිසක්ද ඈඳමින් කටයුතු කිරීමය. ඒ අනුව ආණ්ඩුව අධිකරණ නියෝගයක් මගින් නවත්වන්නට උත්සාහ කර ඇත්තේ ජනවාරි 25 වැනිදා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීම සඳහා සූදානම් කර නොතිබුණු වෙනත් උද්ඝෝෂණයක්ය. එය මාධ්‍ය සංවිධාන සංවිධානය කළ කළු ජනවාරිය නොවේය යන්න ආණ්ඩුවට කිවහැකිය. මෙවැනි බාලාංශ වැඩවලට ආණ්ඩුව අතිදක්ෂය.

මේ දිනවල ආණ්ඩුව ඊටත් වඩා අතිදක්ෂ ලෙස සිදුකරන්නේ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ කඩාකප්පල් කිරීම සඳහා පාතාල ගණයේ මැරයන් මහපාරට ගෙන ඒමය. කොටුව දුම්රියපොළ ඉදිරිපිට කළු ජනවාරියේ උද්ඝෝෂණය කඩාකප්පල් කිරීම සඳහාද ආණ්ඩුව මේ දෙයම කර තිබුණි. රාජ්‍ය මාධය ආයතනවල දේශපාලන හෙංචයියන්ද, වරාය අධිකාරිය ඛනිජ තෙල් සංස්ථාව ආදී රාජ්‍ය ආයතනවල දේශපාලන හෙංචයියන්ද, ස්වයංරැ කියා නියුක්තිකයන්ගේ සම්මේලනය නමැති පදික වෙළෙඳුන්ද කැඳවා තිබුණි. ඔවුන් මාධ්‍ය සංවිධානවල විරෝධතාවයේ අවකාශ අවුරමින් හා මාර්ග බදුගනිමින් පෙළපාළි ගියේ කාගෙද මේ බලවේගේ, ජනපතිඳුගේ බලවේගේයැ යි කියමින්ය. විරෝධය එල්ල කරනු ලැබූයේ මාධ්‍ය සංවිධානවලට හා මාධ්‍යවේදීන්ටය. අධිකරණයට කරුණු වාර්තා කරමින් මහජන හිරිහැර වැළැක්වීම සඳහා නියෝග ඉල්ලූ නීතිය සැමයට සාධාරණ කොන්ද ඒ අවස්ථාවේ වකුටු වී මුහුණ දෙකකුල් අස්සේ ඔබාගෙන සිටියේය. මාර්ග වසා පෙළපාළි යන්නන්ට ආරක්ෂාව මේ රාජපාක්ෂික පොලීසිය සපයමින් සිටියේය. ගැටුමකට බලෙන් යෑමට අකමැති වූ මාධ්‍ය සංවිධාන කළු ජනවාරිය නම් වූ සිය විරෝධතාව ලිප්ටන් වටරවුම කරා ගෙන ගොස් පවත්වන්නට යෙදුණි.

මාධ්‍ය සංවිධානවලට කළු ජනවාරියක් අවශ්‍ය වූයේ ඇයි?

සැබැවින්ම ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යයට එරෙහිව සිදුවූ අපරාධ සම්බන්ධයෙන් පිළිගත හැකි ආකාරයේ කිසිදු පරීක්ෂණයක් මෙතෙක් සිදුකර නැත. ජනමාධ්‍ය ඇමතිවරයාගේ සහ කළු ජනවාරියට එරෙහිව ආණ්ඩුවේ මතය වෙනුවෙන් පෙනී සිටි ජනමාධ්‍ය කර්තෘවරුන්ගේ හා ජනමාධ්‍යවේදීන්ගේ දැනගැනීම සඳහා ඒවාහි ජනවාරි මාසයේ සිදුවීම් කිහිපයක් මෙසේ පෙළගැස්සවිය හැකිය. උදයන් පුවත්පතේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් වාර්තාකරු එස්. සුගීර් ධරාන්ව වෙඩි තබා ඝාතනය කිරීම, ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිෂ්පාදවරයකු වූ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේට තියුණු ආයුධවලින් ප‍්‍රහාර එල්ල කිරීම, තිනකරන් පුවත්පතේ සහාය කර්තෘ සුහීබ් එම්. කසීම්ට එල්ල වූ කිනිසි ප‍්‍රහාරය, සිරස මැදිරි සංකීර්ණයට එල්ල කළ ප‍්‍රහාරය, සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම, රිවිර පුවත්පතේ කර්තෘ උපාලි තෙන්නකෝන්ට එල්ල කළ සන්නද්ධ ප‍්‍රහාරය, ජනමාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම, ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තැබීම, ඊට අයත්ය. මීට අමතරව ජනමාධ්‍යවේදී පෝද්දල ජයන්තව පැහැරගෙන ගොස් දරුණු වධහිංසා සිදුකර පහරදීම ආදී වෙනත් මාධ්‍යවල අනන්තවත් ඝාතනය කිරීම්, පහරදීම්, බියවැද්දීම් ආදී ජනමාධ්‍යයට එරෙහි සිදුවීම් ඇත. දඬුවම් ලබාදීම තබා මේ කිසිදු සිදුවීමක සැබෑ සැකකරුවෙක් හෝ තවම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා බුද්ධි අංශ හෝ විමර්ශන අංශ සමත් වී නැත.

ආණ්ඩුවේ මාධ්‍යවලට ගොඩවී ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රය වෙනුවෙන් නොමිලේ හෝ අප නොදන්නා වරප‍්‍රසාදයන් වෙනුවෙන් තප්පුලන මාධ්‍ය සගයිනි (එසේ කීමද ලැජ්ජාසහගතය.) ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ජනමාධ්‍යයට එරෙහි සිදුවීම්වල පමණක් සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගන්නට අසමත්වීම ඔබ දකින්නේ කෙසේද? ඇත්තටම ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ අසමත්ද? නැතිනම් ජනමාධ්‍යයට එරෙහි සිදුවීම්වලට පමණක් අසමත්ද? එය එසේ වේ නම් ඊට හේතුව කුමක්ද? ආණ්ඩුව වෙනුවෙන් තප්පුලන මහත්වරුන් කියන්නේ යුද්ධයක් පවතින විට මානව හිමිකම් කඩවීම් සිදුවිය හැකි බවය. ඝාතන සිදුවිය හැකි බවය. යුද්ධයකට ඍජු සම්බන්ධයක් නැති සිවිල් පුද්ගලයන්ද එම කාලයේදී ඝාතනය වූ බවය. එනයින් මේ තප්පුලන මහත්වරුන් වක‍්‍රාකාරයෙන් කියන්නේ ජනමාධ්‍යයට එරෙහි සිදුවීම් ආණ්ඩුව හෝ ආණ්ඩුවේ අණ ලැබූවන් විසින් සිදුකළ බවද? ඒ නිසාම එම සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ අනවශ්‍ය බවද? තප්පුලන මහත්වරුනි, වැඩිමනත් අවශ්‍ය නැත. ජනවාරි 25 දින කළු ජනවාරිය සැමරීමට එරෙහිව වෛරී මාධ්‍ය භාවිතාවක යෙදෙමින්, අධිකරණ නියෝග ලබාගනිමින් හා ආණ්ඩුවේ මැරයන් මහපාරට බස්සවමින් සිදුකළ බාධාව මාධ්‍ය නිදහසද?

ජනපති, ආරක්ෂක ලේකම් හා ජනමාධ්‍ය ඇමතිගේ ලිට්මස් පරීක්ෂාව සඳහායි

ජනමාධ්‍යයට එරෙහිව සිදුවන සිදුවීම්වලදී ආණ්ඩුව සිය නිදහසට කරුණු වශයෙන් ප‍්‍රකාශ කරන්නේ පරීක්ෂණ සඳහා අවශ්‍ය ප‍්‍රමාණවත් සාක්ෂි නැති බවය. අපරාධකරුවන් සෑම අපරාධයක්ම ඇසින් දුටු සාක්ෂි ඉදිරියේ සිදුකරන්නේ නැත. එසේ වුවද ජනමාධ්‍යයට එරෙහි අපරාධවලට අමතරව සිදුවන අපරාධවලදී ඒවාහී සැබෑ සැකකරුවන්ව ඇසින් දුටු සාක්ෂි නොමැතිව පැය ගණනක් ඇතුළතදී හෝ දින ගණනාවකදී අත්අඩංගුවට ගැනීමට ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමත්ය. අභිරහස්ව සිදුවන මිනීමැරුමක් නම් ඒවා අපරාධකරුවන් හඳුනාගන්නේ ඝාතනයට ලක්වූ පුද්ගලයා නැගිට සාක්ෂි ලබාදීමෙන් නොවේය. ආණ්ඩුවේ මේ නියාය අනුව ඝාතනයට ලක්වූ සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග නැගිට ඔහුව ඝාතනය කළේ කවුදැයි සාක්ෂි ලබාදිය යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේත්, ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේත් ලිට්මස් පරීක්ෂාව සඳහා අවශ්‍යනම් ජනමාධ්‍යවේදියකුට එරෙහිව මෑතකදී එල්ලවූ තර්ජනයක් පිළිබඳව සාක්ෂි සහිත විස්තර අපට ඉදිරිපත් කළ හැකිය.

මාධ්‍යවේදියා ලංකා ඊනිව්ස් වෙබ් අඩවියේ හා මව්බිම පුවත්පතේ සේවය කළ ආණ්ඩුවේ තර්ජන නිසා ඉවත්වන්නැයි මව්බිම පාලනාධිකාරිය දැනුම් දුන්, ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයේ විධායක සභික ශාන්ත විජේසූරියය.

හමුදා බුද්ධි අංශයේ යැයි කියා ගන්නා පිරිසක් ඔහුට දුරකථන ඇමතුම් ලබාදෙමින් විවිධ ආකාරයේ තර්ජනය කිරීම් සිදුකරන බවත් ඔහුගේ නිවසට හා ඥාති නිවෙස්වලට පැමිණි විවිධ තර්ජනය කිරීම් සිදුකරන බවටත් 2011 ඔක්තෝබර් 25 දින CIB IF 285/64 යටතේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම පැමිණිල්ල ඉදිරිපත්කිරීම සඳහා මාධ්‍ය සංවිධාන නියෝජිතයන්ද එදින ගියේය. මේ පැමිණිල්ලම පිළියන්දල පොලීසියටද ඉදිරිපත් කළේය.

එම පැමිණිලිවලදී ඔහු ඔහුට හමුදා බුද්ධි අංශයේ යැයි කියා බලපෑම් කළ දුරකථන අංක තුනක් ලබාදුන්නේය. එම අංක වන්නේ 0664917604 ,           0714945856, 0778480669 ය. ඊට අමතරව රොස්මිඞ් පෙදෙසේ මව්බිම පුවත්පත් කාර්යාලය අසලට PB 9654 දරණ සුදුවෑන් රථයෙන් එම හමුදා බුද්ධි අංශයේ යැයි කියාගත් පිරිස පැමිණි බවද සඳහන් කළේය.

පැමිණිල්ල ඉදිරිපත්කර ජනවාරි 25 දිනට මාස තුනක් ඉකුත්වීය. කරන ලද පරීක්ෂණයක් පිළිබඳව කිසිවක් ඔහුට මේ වනතුරු දැනුම් දී නැත. කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන හෝ නැත.

මෙතරම් සාක්ෂි තිබෙන ජනමාධ්‍යයට එරෙහි මෙම පැමිණිල්ලවත් ඉදිරියට නොයන්නේ ඇයි? මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට තර්ජනය කරන ලද පිරිස ආණ්ඩුවේ අනුදැනුම ඇතිව එම බිය ගැන්වීම හා තර්ජනය කිරීම් කරන පිරිසක් වීම නිසාද?

ලසන්ත රුහුණගේ
උපුටා ගැනිම – රාවය පුවත්පත

බිහිසුණු ජනවාරිය – 2006 – 2012 සටහන්

2006:

ජනවාරි 01: සිරස මාධ්‍ය ආයතනයේ හිමිකරු ඝාතනයට සැළැස්මක් ඇතැයි සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග විසින් හෙළිදරව් කිරීම.

ජනවාරි 05: වීරකේසරී පුවත්පතෙහි ජායරුප ශිල්පි ජෝ ජෙයකුමාර් පුවත් පතෙහි පළ වූ ජායාරූප සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් ප්‍රශ්ණ කරනු ලැබීම.

ජනවාරි 05: යාපනයේ යාල් තිනක්කූරල් පුවත්පත් කාර්යාලය යුද හමුදාව විසින් වටලා සෝදිසි කිරීම.

ජනවාරි 12: ජනාධිපති රාජපක්ෂ දුරකථනයෙන් කතා කොට සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට දරුණු ලෙස බැණ වැදීම. ඉන් තෙවසරකට දින හතරක් තිබිය දී පසු ලසන්ත ඝාතනය කෙරුණි.

2007:

ජනවාරි 09: එස්.බී. දිසානායකගේ නායකත්වය යටතේ නුගේගොඩ දී පැවැත්වීමට නියමිත වූ එක්සත් ජනතා සංධානයේ මංගල රැලිය අමාත්‍ය මර්වින් සිල්වා විසින් නායකත්වය දුන් පිරිසක් විසින් කඩාකල්ලපල් කිරීම සහ එය වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදී ඥාණසිරි කොත්තිගොඩ සහ අජිත් සෙනවිරත්නට පහර දීම.

ජනවාරි 12: ජනාධිපති රාජපක්ෂ දුරකතයෙන් කතා කොට සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට දරැණු ලෙස බැණ වැදීම,

ජනවාරි 18: ආදායම් බදු දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන් මව්බිම සහ ද සන්ඩේ ස්ටෑන්ඩර්ඩ් පුවතපත් කාර්‍යාලයට ද එම පුවත්පත් හිමිකරුගේ වෙනත් ව්‍යාපාර දෙකකට ද හදිසියේ පැමිණ ප්‍රශ්න කිරීම සහ පුවත්පත් සඳහා වෙළද දැන්වීම් සපයන ආයතන ලැයිස්තුව රුගෙන යාම. පසුව දිගින් දිගටම එල්ල වූ මර්දනය හමූයේ පුවත්පත් දෙකම වසා දැමීමට සිදු විය.

ජනවාරි 24: ත්‍රි‛මලයේ මාධ්‍යවේදී සුගීර්ධරාජන් වෙඩි තබා ඝාතනය කිරීම, (2007).

2008:

ජනවාරි 01: පාර්ලිමේන්තු මංත්‍රී ටී. මහේශ්වරන් වෙඩි තබා ඝාතනය කිරීම. ඔහු ඝාතනය කරනු ලැබූයේ යාපනයේ කැරෙන ඝාතන පිටුපස සිටින රජයේ සහ අර්ධ මිලිටරි සංවිධාන නුදුරු දිනෙක පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කරන බවට ප්‍රකාශ කොට පැය කිහිපයක් ගත වීමෙන් පසු ය.

ජනවාරි 03: යුද්ධයට ඇති ලොකුම බාධාව අතලොස්සක් වන ද්‍රෝහී ජනමාධ්‍යකරුවන්යැයි එවකට හමුදාපති සරත් ෆොන්සේකා විසින් ප්‍රකාශ කිරීම.

ජනවාරි 05: හිටපු ජනමාධ්‍යවේදියකු වූ ලලිත් සෙනවිරත්න සහ ‛අකුණ’ නම් වෘත්තීය සමිති වාර ප්‍රකාශණයේ මාධ්‍යවේදීන් වූ සිසිර ප්‍රියංකර සහ නිහාල් සේරසිංහ පැහැර ගෙන යාම. එල්ටීටීඊයට සම්බන්ධ යැයි ප්‍රකාශ කොට දරුණු වධ හිංසාවන්ට ලක් කරන ලද ඔවුන්ට එරෙහිව මේ තාක් කිසිදු චෝදනා ගොනු කිරීමක් කර නැත.

ජනවාරි 06: යාපනයේ උදයන් පුවත් පත වසා දමන ලෙසට කරන ලද ආයුධ ගත් දේශපාලන පක්ෂයක් විසින් කළ තර්ජනය. අනතුරුව එම පුවත්පතට එරෙහිව දරුණූ මර්ධනයක් දියත් විය.

ජනවාරි 07: අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් ශක්ති රෑපවාහිනී අධ්‍යෂකවරයකු වූ ජනමාධ්‍යවේදී ශ්‍රී රංගා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදියකු යැයි වාචික ප්‍රහාරයක් එල්ල කිරීම. අනතුරුව ශ්‍රී රංගාට දිගින් දිගටම මරණ තර්ජන එල්ල විය.

ජනවාරි 07: ජනමාධ්‍යවේදියකු සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් වූ පෝද්දල ජයන්ත මහතාගේ නිවෙසට මහ රැයෙහි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් පිරිසක් පැමිණීම. මෙම පොලිස් කණ්ඩායම පැමිණ තිබුණේ කිසිදු නිල ක්‍රමයක් අනුගමනය නොකර ය.

ජනවාරි 25: ජනමාධ්‍ය වාරණයක් අත්‍යවශ්‍ය බවත් යුද හමුදාවන් ගැන ලිවීම කිසිසේත්ම අවශ්‍ය නොවන බවත් ආරක්ෂ ලේකම් රාජපක්ෂ පුවත්පතකට ප්‍රකාශ කිරීම. ඉන් අනතුරුව යුද මෙහෙයුම් සම්බන්ධයෙන් විවේචනාත්මක වාර්තා සැපයූ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට දරුණූ මරණිය ප්‍රහාරයන් එල්ල විය.

ජනවාරි 25: ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිශ්පාදකකවරයකු වූ ජනමාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ රාත්‍රි සිය නිවස බලායන අතරතුර ඔහුට දී තියුණු ආයුධයකින් පහර දීම, (2008). මෙම ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු අත දරුණූ ලෙස කැපී ගිය අතර ශල්‍ය කර්මයකට ද භාජනය කරන ලදී. මෙම සිදුවීම අමාත්‍ය මර්වින් ද සිල්වා 2007 දෙසැම්බර් 27 දින රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම ඊට එරෙහිව එහි ජනමාධ්‍ය ප්‍රජාව දැක්වූ විරුද්ධත්වයට කරන ලද පළිගැනීමක් වශයෙන් සළකනු ලැබේ.

ජනවාරි 28: තිනකරන් දිනපතා පුවත් පතෙහි සහාය කර්තෘ සුහීබ් එම්. කසීම්ට එල්ල වූ කිණිසි ප්‍රහාරය. මෙම ප්‍රහාරයට පෙර ලේක්හවුස් සභාපති විසින් සුහීබ් දැරූ තනතුරෙන් මාරුකර යවා තිබූ අතර ප්‍රහාරය ඊට සම්බන්ධ යැයි සැළකේ.

ජනවාරි 29: ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාවේ මාධ්‍ය සේවක දුලීප් දුෂ්‍යන්ත ඝාතනය කිරීමේ අරමුණින් පිස්තෝලකරුවන් දෙදෙනෙකු රාත්‍රියෙහි ඔහුගේ නිවසට කඩා වැදීම. මෙම සිදුවීම අමාත්‍ය මර්වින් ද සිල්වා 2007 දෙසැම්බර් 27 දින රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම ඊට එරෙහිව එහි ජනමාධ්‍ය ප්‍රජාව දැක්වූ විරුද්ධත්වයට කරන ලද පළිගැනීමක් වශයෙන් සළකනු ලැබේ.

2009:

ජනවාරි 02: සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ ගිනි බෝම්බ ප්‍රහාරය.

ජනවාරි 06: සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරය. මෙම ප්‍රහාරය ඇතුළේ වැඩක් යැයි ආරක්ෂ ලේකම්වරයා විසින් පරීක්ෂණ ආරම්භවීමටත් පෙරම ප්‍රකාශ කළ අතර ප්‍රහාරයට සම්බන්ධයැයි අත්අඩංගුවට ගත් එජාප ප්‍රදේශීය නායකයකු පසුව නිදහස් කරන ලදී. මෙම ප්‍රහාරයේදී එම රෑපවාහිනී සහ ගුවන් විදුලි ජාලයේ මෙහෙයුම් මූලස්ථානය විනාශ විය.

ජනවාරි 08: සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම.

ජනවාරි 22: ප්‍රකාශ් ශක්ති පිල්ලෙයි නම් එල්ටීටීඊයට සම්බන්ධ ජනමාධ්‍යවේදියකු ගුවන් තොටුපළෙහි දී අත් අඩංගුවට ගැනීම. එල්ටීටීඊ කාර්‍යධරයකු වන ඔහුට ව්‍යාජ මාධ්‍ය හැදුනුම් පතක් ලබා දී තිබුණේ මා විසින්යැයි ජනාධිපතිවරයා පුවත්පත් හිමිකරු රුස්වීමක දී කීවේ ය. ත්‍රස්ත විමර්ෂන අංශයේ රඳවාගෙන ඔහු පිළිබඳ කළ සොයා බැලීම් වලින් එල්ටීටීඊ ය සමඟ ඔහුට සබඳතා ඇතැයි සොයා ගැනුනේ නැත. ඔහු අත් අඩංගුවට ගෙන තිබුණේ ඔහුම සකසා ගත් ව්‍යාජ ජනමාධ්‍ය හැඳුනුම් පතක් තිබූ නිසා ය. ඔහුට සිදු වූයේ කුමක්දැයි අප කිසිවකු දන්නේ නැත.

ජනවාරි 24: රිවිර පුවත්පතෙහි කර්තෘ උපාලි තෙන්නකෝන් ඝාතනය කිරීමේ අරමුණින් එල්ල වූ සන්නද්ධ ප්‍රහාරය. සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකළ බව ජනමාධ්‍යට ප්‍රකාශ කළ ඔහු පසුව රට හැර ගියේ ය.

2010:

ජනවාරි 01: සිරස රැපවාහිනී ජාලයේ ශක්ති නාලිකාවේ යාපනය විකාශණ තරංග රජයේ අයිටීඑන් නාලිකාව විසින් අත්පත් කර ගැනීම

ජනවාරි 13: සන්ඩේ ලීඩර් පුවත්පත් කාර්යාලය පොලීසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කිරීම

ජනවාරි 24: ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම. ඔහු ස්ව කැමැත්තෙන් සැඟව සිටින්නේ යැයි රාජ්‍ය ගැති ප්‍රචාරකයින් දැවැන්ත ව්‍යාපාරයක් දියත් කළේ ඔහුගේ අතුරුදහන්වීම පිළිබඳ පරීක්ෂණ නොමඟ යැවීමට හෝ නතර කිරීමට ය.

ජනවාරි 28: ලංකා පුවත්පතෙහි කර්තෘ චන්දන සිරමල්වත්ත අත් අඩංගුවට ගැනීම. කිසිදු චෝදනාවක් නැතිව පෙබරවාරි 16දා ඔහු නිදහස් කරන ලදී.

ජනවාරි 28: නිදහස නිව්ස් නම් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් වෙබ් අඩවිය වාරණය කිරීම

ජනවාරි 28: රැපවාහිනී සංස්ථාවේ වැඩසටහන් නිශ්පාදක රවි අබේවික්‍රමට එහි සභාපතිවරයා විසින් පහර දීම. ඉට හේතුව වූයේ සමබර මැතිවරණ වාර්තාකරණයක් ගෙන යන ලෙස මාධ්‍ය පිරිස් කරන ලද උද්ඝෝෂණය යි.

ජනවාරි 29: ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන්නේ යැයි සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කිරීම. නමුත් පසුව එම තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කරන ලදී.

ජනවාරි 29: ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්‍යාලය මැරවර පිරිස් විසින් වැටලීම

ජනවාරි 29: ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ජවිපෙට සම්බන්ධ ලංකා පුවත් පත් කාර්‍යාලයට සීල් තැබීම.

2011

ජනවාරි 31: ලංකා ඊ නිව්ස් කාර්යාලයට කිසියම් පිරිසක් විසින් අද (31) අලුයම 1.30 ට පමණ ගිනි තබා එහි සියලු දේපල විනාශ කිරීම. – මාළබේ, දහම් මාවතේ පවත්වාගෙන ගිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලයට ජනවාරි 31 අලුයම 1.30ට පමණ කිසියම් පිරිසක් විසින් එම කාර්්‍යාලයට ගිනි තබා එහි තිබු විද්‍යුත් උපකරණ සහ සියලු ලිපිලේඛන සහ පොත් පත් විනාශ කර ඇත.

2012

ජනවාරි 07: යාපනයේ නිදහස් ජනමාධ්‍ය වේදියෙකු අහේතුකව පොලිස් පරීක්ෂනයකට කැදවීම සහ තමා ගැන ලියන බ්ලොග් කරැවන් ගැන සොයා බලන ලෙස දිසාපතිනිය පොලීසියෙන් ඉල්ලා සිටීම.

ජනවාරි 09: ශ්‍රී ලංකාවේ තහනම් කරන ලද දැන් එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට දරැණු හැකර් ප්‍රහාරයක් එල්ල වීම.

ජනවාරි 11: යුරෝපා කොමිසමෙන්  ශ්‍රී ලංකාවට ලබා දී තිබූ GSP+ සහනය අහෝසිකරන සේ පෙත්සම් යැවී යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට රාජ්‍ය මාධ්‍ය විසින් චෝදනා කිරීම සහ තර්ජනාත්මක පුවත් පළ කිරීම.

ජනවාරි 12: එක්සත් ජාජධානීයේ සිට ක්‍රියාත්මක වන ලංකා නිව්ස් වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල වීම.

ජනවාරි 17: බලහත්කාර අතුරැදහන් කිරීම් විරෝධී, සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීම සදහා යාපනය බලා යමිනි සිටි ජනමාධ්‍ය වේදීන් ඇතුලු දහසක පමණ පිරිසක් යුද හමුදාව විසින් නතර කර ඔවුන්ගේ ගමන වැලැක්වීමට උත්සහ කිරීම.

ජනවාරි 16

මව්බිම පුවත්පතේ කතරගම වාර්තාකරැට, කතරගම ප්‍රාදේශීය සභා මංත්‍රී ප්‍රියන්ත ඒකනායක විසින් පහරදීම.

ශ්‍රී ලංකාණ්ඩුව විසින් යුද්දයට සමගාමීව දියත් කළ ජනමාධ්‍ය නිදහසට විරැද්ධව දියත් කළ සහ කරමින් සිටින යුද්දය අවසන් කරන ලෙස අන්තර්ජාතික මානව හිමිකම් සහ ජනමාධ්‍ය සංවිධාන විසින් නැවත නැවතත් කරන ලද ආයාචනයන්ට මෙතෙක් සාධනීය ප්‍රතිචාර ලැබී නැත.

එසේම ඉහත දැක්වූ එකදු සිදුවීමක හෝ වැරදිකරැවන් සොයා දඩුවම් පමුණුවා නැත. ඒ ශ්‍රී ලංකා රාජ්‍යෙය් මුල් බැස ඇති දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය විසින් ජනමාධ්‍ය නිදහසට තර්ජනය කරන්නවුන් ආරක්ෂා කරනවා පමණක් නොව පෝෂණය ද කිරීම නිසාවෙනි. එහි විපාකය වී ඇත්තේ ලංකාවේ ජනමාධ්‍ය විසින් අතිශය හානිදායක ස්වයංවාරණයක් පවත්වා ගෙන යාමය. එමනිසා නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පදනම වන දැනුවත් පුරවැසියා ගොඩනැගීමට ජනමාධ්‍ය හි දායකත්වය ඇත්තේ ඉතාමත් පහළ ය.

තවදුරටත් කියවීමට – බිහිසුනු ජනවිරිය  – Black January

Against Media Suppression – ”BLACK January”