About – BLACK January | ‘කළු ජනවාරිය’ ක් ඇයි?
මාධ්‍ය මර්ධනයට එරෙහි- කළු ජනවාරිය
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කර වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම පිළිබදව විරෝධ්‍ය පළ කිරීම සඳහාත්,
එහිදී විශේෂයෙන් පසුගිය වසර 03ක කාලය තුළදී ජනවාරි මාසය තුළ සිදු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ ප්‍රහාරය මෙන්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම වැනි බරපතල කරුණු සලකා අදාල විරෝධතාවය ‛කඑ ජනවාරිය’ ලෙස නම් කිරීමට තීරණය කරන ලදි.
එබැවින් මාධ්‍ය මර්ධනයට විරැද්ධවත්, මාධ්‍ය වේදීන් සහ මාධ්‍ය සේවකයින් ඝාතනයට, ප්‍රහාරයන්වලට ලක්කිරීමට සහ අතුරැදහන් කිරීම් වලට මෙන්ම විවිධ දුෂ්ඨ බලපෑම් වලටත්, මාධ්‍ය ආයතනවලට ප්‍රහාරයන් එල්ල කිරීම් වලටත් එරෙහිව ජනවාරිය ‘‘කඑ ජනවාරිය‘‘ ලෙස නම් කරමු.
එයට කඑ ජනවාරිය යැයි නම් කිරීමට බලපෑ විශේෂ සිදුවීම් කිහිපයක් පහත දක්වන්නේ ඒක් පසෙකින් ලංකාවේ ආණ්ඩුව තිබෙනවා යැයි කියන මාධ්‍ය නිදහසත්, නීතියේ ආධිපත්‍යයත්, කඑ ජනවාරියේදී ප්‍රශ්ණ කිරීමට ලක් කරනු පිණිසත් සහ මේ සිදුවීම්වල වරැදි කරැවන්ට නිසි දඩුවම් ලබා දීමට බළධාරීන්ට බල කරනු පිණිසත් ය.
මේ එම බිහිසුණු ජනවාරියේ ඝාතනයට ලක් වූ මාධ්‍ය වේදීන්, මාධ්‍යෙස්වකයින් සහ කලා සංස්කෘතික ක්‍රියාකාරීන් කිහිපදෙනෙක්…..
සතාසිවම් ශිවශන්මුගමුර්ත(සුන්දරම්) මාධ්‍යවේදී – 1982 ජනවාරි 02
ඩී. එන්. එස් පතිරණ(මාධ්‍ය සේවක) – 1989 ජනවාරි 24
ආනන්ද නවරත්න(ලේඛක) – 1989 ජනවාරි 25
ලක්ෂ්මන් පෙරේරා(නාට්‍ය නිශ්පාදක) – 1990 ජනවාරි 27
සුබ්‍රමනියම් සූගීර්දරාජන්(මාධ්‍යවේදී) – 2006 ජනවාරි 24
ලසන්ත වික්‍රමතුංග(කර්තෘ/මාධ්‍යවේදී) 2009 ජනවාරි 08
ප්‍රගීත් එක්නැළිගොඩ(මාධ්‍යවේදී) – අතුරුදහන් කර ඇත – 2011 ජනවාරි 24
උපාලි ගමගේ (අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයෙකි, ‛වෙඩි හඬ’ සඟරාවේ සංස්කාරක – 1990 ජනවාරි
සත්‍යපාල වන්නිගම(ලේඛක) – පැහැරගත් දිනය 1987 නොවැම්බර් 18 – ඝාතනය වූ දිනය 1988 ජනවාරි අග
මාධ්‍ය අයතනවලට ප්‍රහාර එල්ල කිරීම
සිරිස රූපවාහිණී ආයතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම – 2009 ජනවාරි 06
ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිණී තැබීම - 2011 ජනවාරි 31
[මෙහි බොහොමයක් සිදුවීම් උපුටා ගැනීම - සීතා රංජනී සංස්කරණය කළ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශයට පත් කල ‘අදහස් ඝාතනයේ ගොදුරැ‘ කෘතියෙනි]
Contact – fmmsrilanka@gmail.com


Committee to Protect Journalists[CPJ]
Free Medie Movement – Sri Lanka
Freedom of Expression Sri Lanka
IFEX
IFJ
JDS
RSF
Leave a Comment
Comments (0)